2023-03-13 සිට 2023-03-21 වන දින දක්වා 2022 අවසාන වාර විභාගය පවත්වනු ලබයි .
විභාග කාලසටහන් ඉහත දැක්වේ .
2023-03-13 සිට 2023-03-21 වන දින දක්වා 2022 අවසාන වාර විභාගය පවත්වනු ලබයි .
විභාග කාලසටහන් ඉහත දැක්වේ .
නිවාඩු කාලයේ දී සිසුන්ට මගහැරුණු පාඩම් ආවරණය කිරීම් සදහා එම පන්ති පැවැත් වූ අතර ගුරුවරු ඒ සදහා බොහෝ
වෙහෙස විය
දෙවන වාර විභාගයෙන් පසු 2022.12.22 වන දින දෙවන වාරය අවසන් වී දින 10 ක පමණ නිවාඩුවක් ලබා දුන් අතර 2023.01.02 වන දින තුන්වන වාරය ආරම්බ විය
රූපිකා මිස් ,චන්ද්‍රා මිස් දෙදෙනා විශ්‍රාම ගැනීම නිමිත්තෙන් පාසලේ ආගමික කටයුතු සඳහා පහසුවක් සැළසීමේ ඉතාපවිත්ර වූ චේතනාවෙන් සිසු සතිකේන්ද්රය වෙත ඉතාම රමණීය වූ ධර්මාසනයක් අද දින පාසලට නිල වශයෙන් භාර දීම සිදුවිය.ඔබ තුමියන් දෙදෙනාටම ඉතාම පුණ්‍ය වන්ත නිදුක් නිරෝගී සුවබර ප්‍රීතිමත් වාසනාවන්ත විශ්‍රාම දිවියකට, පාසලේ ගුරු මණ්ඩලය,අනධ්‍යන කාර්යමණ්ඩලය දූදරුවන්. දෙමව්පියන් ඇතුළු සියලුම දෙනා වෙනුවෙන් තෙරුවන් සරණ හා ආසිරි පතන්නෙමු 🙏💐🌷🌹🌷🌹🌷🌷🌷🌷🌹🌹🌹🌷🌷🌷🌹💐 විදුහල්පති .
2022 දෙවන වාරයේ විභාග ආරම්බ වේ.
2022/11/22 සිට 2022/11/30 වෙනිදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි.
ර/කොන්ගස්තැන්න මහා විද්‍යාලයේ අක්වැස්ස කලා උළෙල අද දින සහ හෙට දිනයේ උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියල්ල සුදානම්ව පවතී.ඔබ සැමට ආරාධනා ......වෙනස් වූ අත්දැකීමක් විදින්නට ඔබත් එදිනට පවුලේ අය සමග පැමිණෙන්න
කලා උළෙලට සමගාමිව ප්‍රදර්ශන කුටිවලට ,ගැමි ගෙදර ,ජන ගී, ජන නර්තන,නව නිර්මාන ආදී බොහෝ කලා කටයුතු ගුරු දෙගුරුන්ගේ මග පෙන්වීම යටතේ කටයුතු සිදු වන අයුරු
අප පාසලේ මේ මස 7,8 දෙදින පැවැත්වෙන කලා උළෙලට අප පාසලේ සිසුන්ගේ දෙමාපියන් සියලුදෙනාගෙන් නොමද සහයෝගයක් මෙම කටයුත්ත සාරථක කර ගැනීමට අප හට ලැබෙයි.
අක්වැස්ස කලා උළෙල සැප්තැම්බර් මස 7,8 දෙදින පැවැත්වේ.එදින ඇතුල්වීම හා ප්‍රදර්ශන කුටි නැරබීම ආදිය සියල්ල නොමිලේ අත්විදිය හැකිය.තවද එදින ජනගායනා ,කවි රසවින්දනය ,සාහිත්‍ය දේශන ,විදි නාට්‍ය ආදී සුවිශේෂී අත්දැකීමක් විදීමට ඔබ සැමට හැකිය . එදින ඔබත් නොවරදවාම පැමිණෙන්න .
චූලනන්ද සමරනායක මහතාගේ පොත් කිහිපයක්. මෙම පොත් ටික 11 වසර සගින්ත පුතාගේ පියානන් විසින් පාසලට ගෙනත් දුන්නා.එය අප පාසලේ කලා උළෙලට සමගාමිව පවත්වන පොත් අලෙවිසලට මහත් පිටිවහලකි.ඒ වගේම මානෙල් ගුරුමෑනියන්ද පොත් අලෙවිසලට පොත් රැසක් එතුමියද පරිත්‍යාග කළහ