පාසලේ ඉතිහාසය
ර/කෝන්ගස්තැන්න මහා විද්‍යාලය ප්‍රදේශයට ඇති සැබෑම පින් කෙතකි.එයින් අධ්‍යාපනය ලැබූවෝ අද සමාජයේ ඉහළි තලයන්හි වැජඹෙති.විදුහල් මවගේ සිප් කිරෙන් සුපෝෂණය ලද ඔවුහු ඇයට දිගුකල් වැජඹෙන්නට ශක්තිය ලැබේවා යයි සුභාශිංසන එක් කරති.කෘත ගුණ සලකති.
ර/කෝන්ගස්තැන්න මහා විද්‍යාලය ආරම්භ කිරීමට තුඩුදුනු හේතු කිහිපයකි.ඉන් පළමුවැන්න වූයේ ගමේ දරුවන්ට අධ්‍යාපනය ලැබීම සඳහා කිලෝ මීටර් 4 ක් පමණ දුර වැලිගපොල පිහිටි මූලික පාසලට යාමට සිදුවීමයි.ඒ සඳහා පා ගමනින් ම යා යුතු වු අතර ගමන් පහසුකම්ද නොවීය.දෙවැන්න වුයේ ප්‍රදේශයේ ජනතාවට එතරම් දුරට අධ්‍යාපනය පිළිබඳ හැගීමක් නොවීමය.මේ අතර ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිතියේ සිටි නිලධාරීතුමන්ලා කිහිපදෙනෙකු විසින් එම තත්වය අවබෝධ කොට ගෙන එවකට ශ්‍රී විජයාරාමාධිපතිව වැඩ විසු අපවත් වී වදාළ අති පූජනීය රත්නපුරේ ධම්මාලංකාර ස්වාමීන් මුණ ගැසී පන්සල ආශ්‍රිතව ළමුන් කිහිප දෙනෙකු සඳහි ඉගැන්වීම් කටයුතු ආරම්භ කොට ඇත.මෙකී සත්කාරය සඳහා උන්වහන්සේ කැපවීම තුන්වැනි හේතුව ලෙස දැක්විය හැකිය.එහෙත් පන්සල ආශ්‍රිතව එකී අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යාම අපහසු වූයෙන් 1956.12.17 වැනි දින කෝන්ගස්තැන්න ප්‍රදේශයේ බෝම්බුගොල්ල ඉඩම තුළ විද්‍යාලය ආරම්භ කොට ඇත.
විද්‍යාලයේ ආරම්භ ගුරුභවතුන් සංඛ්‍යාව 03 දෙනෙකි.එම්.ජයතිස්ස මයා,කේ.කේ.පියදාස මයා, ඩබ්.එම්.ගුණතිලක මැණිකේ මිය යන මහත්ම මත්මමීහු එකී සත්කාරය සඳහා දායක වූවෝ වෙති. එවකට නාම ලේඛනයේ ඇතුළත් සිසුන් සංඛ්‍යාව 43 කි.මුලින්ම පොල් අතු සෙවිලි කොට සාදනු ලැබ තිබු එකී ගොඩනැගිල්ල 1959.05.18 දින ස්ථීර ගොඩනැගිල්ලක් සේ සාදා නිම කොට විවෘත කර තිබේ.
ර/කෝන්ගස්තැන්න විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරුන්
|
සේවය කල කාල වකවනු |
නම |
|
1956-1958 |
එම්.ජයතිස්ස මහතා |
|
1959-1960 |
ඒ.එස්.කලුතන්තිරිගේ මහතා |
|
1961-1970 |
විමල්.ජේ.සෙනරත් මහතා |
|
1971 |
බී.කේ.වික්‍රමසිංහ මහතා |
|
1972 |
ඇල්.චන්ද්‍රපාල මහතා |
|
1973-1976 |
ඩබ්.එම්.සෝමරත්න මහතා |
|
1977 |
එස්.සී.ජී.වික්‍රමරත්න මහතා |
|
1978-1981 |
ආර්.එම්.චන්ද්‍රපාල මහතා |
|
1982.01.18 – 2004.12.29 |
කේ.එම්.ගුණරත්න මහතා |
|
2004.12.30 – 2007.09.03 |
එච්.වී.ප්‍රේමසිරි ඩයස් මහතා |
|
2007.09.04 – 2007.09.20 |
වැඩ බලන විදුහල්පති ඩබ්.බී.ඇම්. හේවා කුමාරිහාමි මිය |
|
2007.09.21 – 2009.02.01 |
ඒ.එම්. පතිරණ මහතා |
|
2009.02.02 - අද දක්වා |
කේ. සරත් කුලතිස්ස මහතා |
විශේෂ සිදුවිම් -:
- 1965 වර්ෂයේ පවත්වන ලද 5 ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත් වු සිසුන් 5 දෙනාම සමත් විය.
- 1979 වර්ෂයේ කිරිමැණිකේ මහත්මිය නිෂ්පාදනය කළ කාලගෝල නාට්‍ය සමස්ත ලංකා නාට්‍ය කනිෂ්ඨ ශෛලිගත අංශයේ රත්නපුර දිස්ත්‍රිකයේන් ප්‍රථම ස්ථානය දිනා ගැනිම.
දැනට විදුහල් මාතාව සිසු දරුවන් 800 ක් පමණ පිරිසකට සිප්සත ලබා දෙමින් තම ජීවන ගමනේ වසර 65 ක් පමණ ඉතිහාස ගත ගමන් මඟක උරුමකාරියක්ව සිටී.
- ර/බල /කෝන්ගස්තැන්න විද්‍යාලීය ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 1956 දක්වා ඈතට විහිදේ. එකල කෝන්ගස්තැන්න හා ඒ අවට ප්‍රදේශයේ දරුවන්ට අධ්‍යාපනය ලැබීම සඳහා යාමට පාසලක් නොතිබුණි. මේ තත්ත්වය නිසා කෝන්ගස්තැන්නේV. කිරිමුදියන්සේ මහතා, ඩිංගිරි මහත්තයා හා ඇතුළුව කිහිප දෙනෙකු එකතු වී රත්නපුරේ ධම්මාලංකාර හිමිපාණන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී විජයාරාම විහාරයේ දී සාකච්ඡා කොට 1956 දෙසැම්බර් මස 11 වන සදුදා දින කීරපද්දෙනිය ශ්‍රී විජයාරාම විහාරස්ථානයේදී උත්සවාකාරයෙන් සිංහල මිශ්‍ර පාඨශාලාවක් ආරම්භ කෙරිණි.
- පාසලේ මුල්ම ගුරුවරයා වූයේ- M. ජයතිස්ස මහතාය. *මුල්ම ශිෂ්‍යයා කෝන්ගස්තැන්නේM. පඤ්ඤාරතන ශිෂ්‍යයාය. ශිෂ්‍ය සංඛ්‍යාව 25 කි.*ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ මාස 6 ක් පමණ පාසල පවත්වාගෙන යන ලදී.
- පසුවV. කිරිමුදියන්සේ මහතාගේ ඉඩමක ඉදිකර තිබූ මඩුවකට පාසල රැගෙන එන ලදී.
- දිනෙන් දින ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවීම නිසාත්, දැනට තිබෙන මඩුව අබලන් නිසාත් කේ.කේ ජයවර්ධන මහතාගේ නිවසට පාසල් රැගෙන යන ලදී.
- 1957 ජූලි 29 වන දින කෝන්ගස්තැන්න මිශ්‍ර සිංහල පාසල ග්‍රාම සංවර්ධන සමිතියේ පාලනයට ගන්නා ලදී.
- ග්‍රාම සංවර්ධන සමිතියේ ඉල්ලීම් මතM.ගුණතිලක මැණිකේ මෙනවිය, S.A. ඉන්ද්‍රාවතී රුද්‍රිගෝ මෙනවිය, W.M. පත්මා වීරසේකර මහත්මිය නිර්චේතනිකව පාසලේ සේවය කරන ලදී.
- V.කිරිමුදියන්සේ මහතා අක්කර 1යි කාලක් වූ ඉඩමක් විද්‍යාලයට පරිත්‍යාග කරන ලදී
- වර්තමානයේ පාසල පිහිටා තිබෙන එම ඉඩමේ නව ගොඩනැගිල්ලක් සාදා 09 .18 වන දින සිසුන් 102ක ගෙන් මුලින්ම ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන ලදී.
- 07.01 දින පාසල රජයට පවරා ගන්නා ලදී. මේ වන විට ගුරු මණ්ඩලය 5 කි.සිසුන් 125කි.
- මුල් ගුරුවරයා වූයේ ඒ. එස්. කලුතන්තිරිගේ මහතායි.
- 1959 වසරේම,මේ වන විට නිර්චේතනිකව සේවය කළ ආචාර්ය මහත්ම මහත්මීන් රජයේ ගුරුවරු ලෙස සේවයට බදවා ගන්නා ලදී.
- 1961 දී ඒ.එස්.කලුතන්තිරිගේ මහතා ස්ථාන මාරුවක් ලැබීම හේතුවෙන් වැඩබලන මුල් ගුරුවරයා වූයේ විමල් ජේ සෙනරත් මහතාය .
- 1962 වර්ෂයේදී 5 වසරේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේදී උසස් ලෙස සමත් වීමට ඩබ්.එම්.ඒකනායක ශිෂ්‍යයාට හැකි විය.
- පාසල් ඉඩම ඉතාමත් කර්කෂ නිසරු ඉඩමකි.නමුත්,එය අලංකාරවත්ව,පිරිසිදුව තබා ගැනීමට එකල සිටි ගුරුවරුන් හා සිසුන් සමත් විය.
- 1964 වන විට පංති පැවැත්වූයේ 8 වසර දක්වා පමණි.
- එකල සිටි ගුරුවරුන් සිසුන් දිරිමත් කිරීමට විවිධ වැඩසටහන් පවත්වන ලදී.ඒ අතර සතියේ හොදම රචනාව තෝරා තෑගි ලබා දීම,බිත්ති පුවත්පතක් පවත්වා ගෙන යාම ආදිය ලොග් සටහන් පොත් වල දක්වා ඇත.
- මෙම විද්‍යාලය කුඩා වුවත් අතීතයේ සිටම ඉතාමත් ආදර්ශමත් පාසලක් විය.
- අතීතයේ සිටම සිංහල සාහිත්‍ය සමිතිය , බෞද්ධ සමිතිය හා සිසුන්ට ඉතුරු කිරීම පුහුණු කිරීම සදහා සමූපකාර සමිතියේ ශාඛා වෙළෙඳසැලක් ද පිහිටුවා ඇත.
- 1965 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන්, සිසුන් 5 දෙනෙක් සමත් විය.මෙහි විශේෂත්වය වනුයේ එම පරීක්ෂණයට ඉදිරිපත් වූයේ සිසුන් 5 දෙනෙක් පමණක් වීමය
- වසර 11 ක් සේවය කළ විමල් ජේ සෙනරත් මහතා07.31 දින ස්ථාන මාරුවක් ලබා ගොස් ඇත.
- විමල් ජේ සෙනරත් මහතාගෙන් පසු බී.කේ. වික්‍රමසිංහ මහතා විදුහල්පතිවරයා වූ අතර ඔහුද 1972 වසරේදී ස්ථාන මාරු ලබා යන ලදී
- ඇල්.චන්ද්‍රපාල මහතාද කෙටි කාලයක් සේවය කර 1973 වසරේදී ස්ථාන මාරු ලැබ යන ලදී.
- ඩබ්.එම්.සෝමරත්න මහතා,1973 සිට මුල් ගුරුවරයා විය.
- මේ කාලයේ දී ගුරු නිවාසයක් රජයෙන් ඉදිකරන ලදී.
- 1977 වසරේ ඩබ්.එම්.සෝමරත්න මහතා විදුහල්පති තනතුරෙන් සමුගත් අතර ඒ.සී.පී.වික්‍රමරත්න මහතා විදුහල්පති විය.
- මේ කාලයේදී 8 ශ්‍රේණිය දක්වා පමණක් තිබූ ශ්‍රේණි 10 වන ශ්‍රේණිය දක්වා ගෙන යන ලදී .
- 1978 වර්ෂයේදී ඒ.සී.පී.සෝමරත්න මහතා ස්ථාන මාරු ලබා ගිය අතර ආර්.එම්.චන්ද්‍රපාල මහතා විදුහල්පතිවරයා විය.
- මේ කාලයේදී තවත් තාවකාලික ගොඩනැගිල්ලක් ඉදි කරන ලදී .
- 10.25 වන දින එම ගොඩනැගිල්ල විවෘත කරන ලදී.
- විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සකස් කර නිම කිරීමද 1978 වර්ෂයේදී ම සිදු විය .
- 1981 දී විද්‍යාලයට යාබදව පිහිටි නුන්ගහමුල හේන නැමැති ඉඩම විද්‍යාලයට හිමි විය.
- 1982 දී ආර්.එම්.චන්ද්‍රපාල මහතා ස්ථාන මාරු ලබා යන ලදී .
- නව විදුහල්පති වූයේ, කේ.එම්.ගුණරත්න මහතාය.
- 1982 වසරේදී මෙම පාසලේම සේවය කළ පී.ඩී.චන්ද්‍රසේකර මහතා සිය මව්පියන් සමග තම පෞද්ගලික ධනයෙන් බුදු මැදුරක් තනා විද්‍යාලයට පරිත්‍යාග කරන ලදී.
- 07.15 වන දින රජය මගින් තනා ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කරන ලදී.මෙදින සර්ව රාත්‍රික ධර්ම දේශනාවක් හා සංඝගත දක්ෂිණාවක් පවත්වන ලදී.
- විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය ,ආදී ශිෂ්‍ය සංගමය ,පාසල් සංවර්ධන සමිතිය ප්‍රදේශයේ අනෙකුත් සමිති සමාගම් වල සහයෝගය එම කටයුත්තට මූලික විය.
- 1983 - 1984 වසර වලදී බාලදක්ෂ , බාලදක්ෂිකා කණ්ඩායම් වල පදක්කම් පැළදවීමේ උත්සවය පැවැත්වුණි.
- 12.17 වන දින වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයක් හා විවිධ ප්‍රසංගයක් පවත්වන ලදී.
- 02.22 , 1985.09.07 වන දිනයන්හී පාසල තුළ රුක් රෝපණ වැඩසටහන් පවත්වන ලදී.
- 10.15 දින ක්‍රීඩා අංශයේ නව පිටුවක් පෙරලුණි.වොලිබෝල් සහ බැට්මිටන් ක්‍රීඩා පිටි විවෘත කිරීම එයට හේතු විය.
- 01.30 විද්‍යාගාරයට හා පුස්තකාලයට ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අත්තිවාරම තබන ලදී.
- මේ වන විට සිසුන් 250 ක් පමණ ඉගෙනුම ලබයි.
- 02.26 ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවන ලදී .
- 03.12 ප්‍රථම අන්තර් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පවත්වන ලදී .
- 02.26 වන දින ඉතාමත් උත්කර්ෂවත් අයුරින් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් පවත්වන ලදී .