වසර ගණනාවකට පසු අප පාසලේ කලා සංගමය විසින් කලා උළෙලක් පැවැත්වීමට මේ වන විට කටයුතු කරමින් සිටි .ඒ වගේම කලා උළෙලට සමගාමිව ප්‍රදර්ශන කුටි /.අලෙවිසැල්/ .විනෝද ක්‍රීඩා/ .නර්තනාංග /.සාහිත්‍ය තරග සමගින්ද පැවැත්වීමට සුදානම් කර ඇත .සැප්තැම්බර් 7/8 දෙදින පුරා පාසල් පරිශ්‍රයේදී පැවැත්වීමට සුදානම්ය.මේ සදහා මුළු පාසලම එකාවන්ව වැඩ කටයුතු සිදු කරයි
- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
පුවත් සහ විශේෂ අවස්ථා
පසුගිය ජුනි මාසයේදී පොසොන් පොහොය නිමිති කරගෙන සිසුන්ගේ ගුණවගාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් සීල සමාදාන වැඩසටහනක පැවැත්වුනි.එහිදී විවිධ වූ ආගමික වැඩසටහන් පැවැත්වුනි. තවද භාවනා වැඩසටහන තුලින්ද අප අධ්‍යාපනයට මහත් රුකුලක් විය.අතිපුජ්‍ය බලන්ගොඩ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමුර්ති හිමි විසින් අපට විශේෂ ධර්ම දේශනාවක්ද සිදු කළේය.
2023.05.05 වන දිනට යෙදී තිබු වෙසක් පොහොය නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් අප පාසලේ වෙසක් සතිය තුල දියත් වුනු අතර ඒ අතර පහන් පුජා , වෙසක් සැරසිලි හා සදහම් දේශනාවක්ද විය .
2023.05.09 වන දින බටුගම්මන නායකත්ව පුහුණු කදවුරේ අප පාසලේ ශිෂය නායක නායිකාවන් සදහා එක් දින පුහුණු කදවුරක් පැවැත්වුනි.එහිදී අපගේ බොහොමයක් නායකත්ව ගුණාංග වර්දනයද විය.ඒ නිසා පාසලේදී හොද නායකයන් පිරිසක් දැක ගැනීමට හැකි වේ
2022 වාර විභාගය සදහා 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම දෙමව්පියන් වාර විභාග ලකුණු හා ව්ශ්ලේෂණ ලබා දීමේ පන්ති රැස්වීම් සඳහා 29 වෙනි බදාදා පෙ.ව. 11.00 අනිවාර්යයෙන් පාසලට පැමිණිය යුතුයි . විදුහල්පති .
Search
Latest News
-
අක්වැස්ස අදයි .......
ර/කොන්ගස්තැන්න මහා විද්‍යාලයේ අක්වැස්ස කලා උළෙල අද දින සහ හෙට දිනයේ උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියල්ල සුදානම්ව පවතී.ඔබ සැමට ආරාධනා ......වෙනස් වූ අත්දැකීමක් විදින්නට ඔබත් එදිනට පවුලේ අය සමග පැමිණෙන්න
Administrator News & Highlights 0 -
අප ගුරු මෑණිවරුන්ගේ,පියවරුන්ගේ මනා කැපවීම
කලා උළෙලට සමගාමිව ප්‍රදර්ශන කුටිවලට ,ගැමි ගෙදර ,ජන ගී, ජන නර්තන,නව නිර්මාන ආදී බොහෝ කලා කටයුතු ගුරු දෙගුරුන්ගේ මග පෙන්වීම යටතේ කටයුතු සිදු වන අයුරු
Administrator News & Highlights 0 -
කලා උළෙලට වෙහෙසෙන දෙමාපියන්
අප පාසලේ මේ මස 7,8 දෙදින පැවැත්වෙන කලා උළෙලට අප පාසලේ සිසුන්ගේ දෙමාපියන් සියලුදෙනාගෙන් නොමද සහයෝගයක් මෙම කටයුත්ත සාරථක කර ගැනීමට අප හට ලැබෙයි.
Administrator News & Highlights 0 -
අක්වැස්ස කලා උළෙල
අක්වැස්ස කලා උළෙල සැප්තැම්බර් මස 7,8 දෙදින පැවැත්වේ.එදින ඇතුල්වීම හා ප්‍රදර්ශන කුටි නැරබීම ආදිය සියල්ල නොමිලේ අත්විදිය හැකිය.තවද එදින ජනගායනා ,කවි රසවින්දනය ,සාහිත්‍ය දේශන ,විදි නාට්‍ය ආදී සුවිශේෂී අත්දැකීමක් විදීමට ඔබ සැමට හැකිය . එදින ඔබත් නොවරදවාම පැමිණෙන්න .
Administrator News & Highlights 0 -
කලා උළෙලට සමගාමිව විශේෂ පොත් පරිත්‍යාගයක්
චූලනන්ද සමරනායක මහතාගේ පොත් කිහිපයක්. මෙම පොත් ටික 11 වසර සගින්ත පුතාගේ පියානන් විසින් පාසලට ගෙනත් දුන්නා.එය අප පාසලේ කලා උළෙලට සමගාමිව පවත්වන පොත් අලෙවිසලට මහත් පිටිවහලකි.ඒ වගේම මානෙල් ගුරුමෑනියන්ද පොත් අලෙවිසලට පොත් රැසක් එතුමියද පරිත්‍යාග කළහ
Administrator News & Highlights 0




