හද බැති කුසුමන් පුද දී බැතියෙන්
නමදිමු උදය හවා
කෝන්ගස්තැන්නේ විදුහල් මෑණිගේ
පින්බර සුමුදු දෙපා.....//
ගණිත මිණිත ඈ කලා සතර දී
විදු සිප් ලොව මිණි කිරුළ දැරූ
මව්නි ඔබේ ගුණ සමරන්නෙමු අපි
ඉර හඳ අඹරේ දිලෙන තුරු
හද බැති කුසුමන්.....
ඔබගෙන් නැණ ලැබ ගුණදම් වඩවා
විරු දරුවන් වී පෙරට යමු
අප දිවි සමකොට ඔබෙ නම රැකුමට
අපි ඔබ පාමුල පිළිණ දෙමු.
හද බැති කුසුමන්.....