පාසලේ අරමුණු
- අධ්‍යාපන හා පෞරුෂ සංවර්ධනයෙන් ජාතික හා ආගමික හැගීමෙන් යුත් ආදර්ශමත් පුරවැසියෙකු දායාද කිරීම.
- සිංහල හා බෞද්ධ හැගීම සංවර්ධනය කර අන්‍ය ආගම් හා ජාතීන් අතර සාමකාමී සුහදතාවයක් ගොඩ නැගීම.
- අධයාපනික අවශ්‍යතා හා පහසුකම් සපයා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිර්දේශිත ජාතික විෂයමාලාව ඉගැන්වීම මෙන් ම බෞද්ධාගමික මුලික කරුණු හා වටිනාකම් වලින් යුතු සිසු පරපුරක් දායාද කිරීම.
- ක්‍රමයෙන් ශිෂ්‍යයන්ගේ යුතුකම්,වගකීම්,සමාජ සම්මතයන්,නීතීන් චරිතාංග හා අවනතභාවයන් පිළිබඳව දැනුවතභාවයෙන් යුත් සදාචාරාත්මක සමාජයකට අවශ්‍ය ආකාරයට පුරවැසියන් දායාද කිරීම.
- සිසුන් සඳහා ආර්ථික හා ආධ්‍යාත්මික සමෘද්ධිමත්භාවයෙන් පිරි පරමාදර්ශ ජීවන ක්‍රමවේදයක් සඳහා මුලික අඩිතාලමක් ගොඩ නැගීම.
- ශිෂ්‍යය ජීවිතය ගොඩනැගීමට දායකවන්නන් මෙන් ම අජීවී වස්තූන් කෙරෙහි ද ගුණගරුකභාවය පුරුදු කිරීම හා ඒ තුළින් සමස්ථ සමාජයේ ම කටයුතු කිරීමට ධෛර්යමත් කිරීම.
- බාහිර ක්‍රියාකාරකම් තුළින් සමාජය අපේක්ෂා කරන කාර්යක්ෂම, හික්මුණු,සෞඛ්‍යමත් පුරවැසියෙකු දායාද කිරීම.
- ශිෂ්‍යයන් තුළ දැනුම කුසලතා ආකල්ප වැනි මුලික අවශ්‍යතාවයන් පෝෂණය කිරීම මෙන් ම,දේශියත්වය බැඳුණු දේශාභිමානී හැගීමත් වර්ධනය කිරීම.